කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කරන්න ගිය PHIලාට පහර දෙයි

කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසකට පහරදීමක් සිදුවී තිබේ.
මෙම පහරදීම සිදු වූ දී ඇත්තේ වැල්ලම්පිටියේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සාතම්මාවත්ත ප්‍රදේශයේදීය.
එහි හදුනාගත් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු රෝහල්ගත කිරීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ඊයේ දිනේදී තවත් ආසාදිතයන් දස දෙනෙකු එම ප්‍රදේශයෙන්ම තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන් 18 දෙනා රෝහල්ගත කිරීමට උත්සාහ කිරීමේදී පෙර පරිදිම කලහකාරී ලෙස හැසිරී තිබේ.
ඒ අවස්ථාවේ පොලිසිය සහ ආරක්ෂක අංශ පැමිණ මහත් පරිශ්‍රමයකින් පසු ඊයේ සවස් වන විට ඔවුන් රෝහල්ගත කර තිබේ.
732 Views
Comments