කිහිපදෙනෙක් එක්ව තරුණයෙක්ව ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

කිහිපදෙනෙක් එක්ව තරුණයෙක්ව ඝාතනය කරයි

කිහිපදෙනෙක් එක්ව තරුණයෙක්ව ඝාතනය කරයි

මිදිගම පොලිස් වසමේ පාතගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ.

 

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රී කාලයේ දී මේ පිළිබඳ පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය.

 

පහරදීමෙන් මියගොස් ඇත්තේ, 24 හැවිරිදි තරුණයෙකි.

 

ඝාතනයට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් කිහිපදෙනෙක් පැමිණ ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) පැවැත්වීමට නියමිතය.

 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

195 Views

Comments

arrow-up