රබර් ඉඩම් කැබලිකර විකිණිම නතර කිරීම නතර කරනවා - රාජ්‍ය අමාත්‍ය අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා

රබර් ඉඩම් කැබලිකර විකිණිම නතර කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කර ගනිමින් නව ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නුදුරේදීම කටයුතු කරන බවත්, ඉදිරියේදී රබර් මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ඇතැම් විට රබර් ආනයනය කිරීමට ද සිදුවිය හැකි බවද එතුමා පෙන්වා දුන්නේය.
රබර් ඉඩක් කැබලිකර විකිණිම හේතුවෙන් රබර් කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී කීවේය.
එමෙන්ම 2015 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකාවට රබර් ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 181 ක් වැයකර ඇති බවද පාර්ලිමේන්තුවේදී අද අනාවරණය විය.
560 Views
Comments