පාසල් චාරිකා පිළිබද නව නීති ඇතුලත් චක්‍රලේඛකයක්

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාල නව නිති ඇතුලත් චක‍්‍රලේඛකයක් නිකුත් කිරිමට තීරණය කර තිබෙනවා.
පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිලිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේ.
කන්තලේ ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දියනෑමට ගොස් සිටියදී සිසුන් 4 දෙනෙකු මියයාම පිිලිබදවද විමර්ෂණයක් සිදුකෙරෙනවා. ඒ තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවකින්.
ඔවුන් අද ස්ථානීය පරික්ෂාවක් සිදුකරන බවයි අමාත්‍යාංශය සදහන් කළේ. විමර්ෂණයෙන් පසු සකස් කරන වාර්තාව දින 14 ක් ඇතුලත ඌව පලාත් ආණ්ඩුකාරවරයාට භාරදීමට නියමිතයි.
788 Views
Comments