අභ්‍යාසලාභී උපාධිධාරී ගුරුවරුන් 21 වනදා සිට ඉගැන්වීම් සඳහා පාසල් වලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

අභ්‍යාසලාභී උපාධිධාරී ගුරුවරුන් 21 වනදා සිට ඉගැන්වීම් සඳහා පාසල් වලට

අභ්‍යාසලාභී උපාධිධාරී ගුරුවරුන් 21 වනදා සිට ඉගැන්වීම් සඳහා පාසල් වලට

රජය විසින් නව පත්වීම් ලබාදුන්  උපාධිධාරීන් 60,000න් ගුරු සේවය සඳහා අන්තර් ග්‍රහණය කළ පිරිස් එලඹෙන 21වනදා සිට සේවයට යොදවා ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරනවා.

 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 21 වනදා පාසල් ආරම්භ කළ ද රාජකාරියට වාර්තා නොකිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති පසුබිමකයි.

 

වැලිමඩ ඌව පරණගම ගුරු එකමුතුව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී ඔවුන් වර්ජනයේ නිරත සියලු ගුරුවරුන්ට 21 වනදා සිට නැවතත් සේවයට වාර්තා කරන ලෙස ආරාධනයක් කළා.

 

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට කොන්දේසි විරහිතව පූර්ණ සහය ලබාදෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයද පවසනවා.

 

කෙසේ නමුත් මෙම වර්ජනය සඳහා පාර්ශව රැසකින් දැඩි විරෝධයක් මතු වෙමින් පවතිනවා.

views

3068 Views

Comments

arrow-up