දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීයාවෙන් හමුවූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පළමු වරට ශ්‍රී ලංකාවෙන් සොයාගත් දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 15ක් හඳුනාගෙන ඇත. 

 

කෙසේ වෙතත් ඔවුන්ට වැළඳී ඇත්තේ කුමන කොවිඩ් ප්‍රභේදය ද යන්න තහවුරු කරගැනීම සඳහා අදාල සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමුකර ඇති බව වාර්තාවේ. 

 

පවතින අවදානම සැලකිල්ලට ගනිමින් අද දිනයේ දී දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු ආරම්භ කෙරුණි. 

 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදීණී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය මෙසේ පැවසුවාය. 

“මෙම ප්‍රදේශයෙන් ඉන්දියානු ප්‍රභේදය වාර්තා වී තිබෙන නිසා නිරෝධායනය වී නොසිටි ආරාමය ප්‍රදේශයේ සියලු‍ම වතුවලට කොවිඩ් එන්නත ලබාදීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඊයේ කරපු පීසිආර් ප්‍රතිඵලවලින් මේ ප්‍රදේශයෙන් රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වුණා. ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ අහඹු පරීක්ෂණවලින් රෝගීන් 70ක් පමණ වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේ දී. PCR නියැදි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යවා තිබෙනවා.“

views

847 Views

Comments

arrow-up