ක්ලබ් වසන්තගේ ඝාතනයේ වෙඩික්කරුවෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

ක්ලබ් වසන්තගේ ඝාතනයේ වෙඩික්කරුවෙක් මාට්ටු

ක්ලබ් වසන්තගේ ඝාතනයේ වෙඩික්කරුවෙක් මාට්ටු

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

 

31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නමැත්තා එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දීය.

 

එමෙන්ම අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන්  බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නමැති සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

සැකකරුවන් සමග ටී-56 ගිනිඅවියක්, උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බව පැවසේ.

views

200 Views

Comments

arrow-up