පරණ කෝන්තරය අලුත් වී ඇතිවූ ගැටුමෙන් අයෙක් මරුට - දේපල රැසකටත් හානි

ගාල්ල ඩිඩිස්වත්ත ප්‍රදේශයේ දී පෙරේදා (03) රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඩිඩිස්වත්ත පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
මියගිය අය අසල්වැසි නිවසක පදිංචි අයෙක් සමග තිබූ පැරැණි අමනාපයක් මත දෙපාර්ශ්වය අතර මෙම ගැටුම හටගෙන තිබේ. එහිදී මෙම ගැටුම අතරතුර සැකකරුවකු විසින් තියුණු ආයුධයකින් අනෙක් පාර්ශ්වයේ පුද්ගලයකුට ඇන ඇති අතර පසුව තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙහිදී තවත් නිවාස කීපයකට සහ රථවාහන කීපයකටද හානි සිදුවී ඇත. අසල නිවසකට සහ ත්‍රිරෝද රථයකටද ගිනි තබා තිබේ.
පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය හා එක්ව ගාල්ල ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න සම්පූර්ණයෙන් මැඬපැවැත්වූ අතර ගින්නෙන් නිවසට දැඩි ලෙස හානි සිදු වී ඇති බව පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති අතර මෙකී ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 04 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
286 Views
Comments