අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද දිවයිනට

අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නිල සංචාරක් සඳහා අද (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මෙම සංචාරය තුළදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පාර්ශව කිහිපයක් සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය අතර තුර අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අතර ඔහු ඊයේ (26) දිනයේ ඉන්දියාවට පැමිණියේය. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙම නිල සංචාරය සඳහා එක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
717 Views
Comments