පෞද්ගලික බස්රථ වලින් දිගට හරහට ඩීසල් සොරකම් කරන කුඩ්ඩෝ

පෞද්ගලික බස්රථවලින් ඩීසල් සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බස්රථ හිමියෝ පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ ටැංකි කපා- මූඩි කඩා මෙලෙස ඩීසල් සොරකම් කරන බවයි.
ගාල්ල - වක්වැල්ල ප්‍රදේශයේ නවතා තිබූ පෞද්ගලික බස්රථ දෙකක ඩීසල් මූඩි කඩා ඩීසල් සොරකම් කරගෙන ගොස් තිබූ බව ඒවායෙහි හිමිකරුවන් පැවසූහ.
දින දෙක තුනක් පෝලිම්වල සිට බස්රථවලට සපයා ගන්නා ඩීසල් සොරුන් විසින් සොරකම් කරගෙන යෑම හේතුවෙන් තමන් දැඩි ලෙස අසරණ තත්වයට පත්ව ඇති බවද බස් රථ හිමියෝ පැවසූහ.
623 Views
Comments