කෝටි 54ක අවභාවිතයක්. විභාග දෙපාර්තමේන්තුවට චෝදනා.

අධික මුදලක් වැය කරමින් 2020 වසරේදි ප්‍රශ්න පත්‍ර වඩාත් හොඳින් මුද්‍රණය කිරීමේ අපේක්ෂාවෙන් බව පවසමින් මිලදී ගත් මුද්‍රණ යන්ත්‍රයක් නිසි පරිදි භාවිතයට නොගන්නා බවට චෝදනා විභාග දෙපාර්තමේන්තුවට එල්ල වී ඇත.
රුපියල් 54 කෝටි හැටදෙලක්ෂ හැටහතරදහස් හාරසිය පනස් දෙකක් විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම යන්ත්‍රය මිලදී ගැනීමට වැය කර ඇති බවට ජාතික විගණන කාර්යාලය මගින් වාර්තා කර තිබෙනවා.
අධික මුදලක් වැයවූ මෙම යන්ත්‍රයෙන් මේ දක්වා නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
එමෙන්ම රුපියල් අසූහතර ලක්ෂ විසිඅටදහස් හයසිය තිස්හතක් වටිනා එම යන්ත්‍රයේ තවත් කොටසක් ප්‍රශ්නපත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා මිලදී ගෙන ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයද රැගෙන නොමැති බවට වාර්තා පවසයි.
189 Views
Comments