NOV
11
විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ට වඩා ළඟ තබා ගත්තොත් මරණ දඬුවම

විෂ මත්ද්‍රව්‍ය සඳහා නීති සංශෝධනය කරමින් ඉදිරිපත් කරන ලද විෂ වර්ග, අබිං, අන්තරායකර ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.
ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගතහොත් මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට අදාළ වන පරිදි එම නීති සංශෝධනය කර තිබේ.
එසේ ම තවත් පනත් කෙටුම්පත් 08ක් ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන තිබුණි.
210 Views
Comments