තබ්බෝව අභය භූමිය සුද්ද කළ තිදෙනෙක් අත්අඩංගුවට

තබ්බෝව අභය භුමියට ඇතුල් වී යන්ත‍්‍රසූත‍්‍ර යොදාගෙන පළු, වීර ඇතුළු වසර සිය ගණනක් පැරණි ගස් කපාදමමින් අක්කර දෙකකට ආසන්න භුමියක් විනාශ කළ සැකකරුවන් තිදෙනෙකු කරුවලගස්වැව අඩවි වනජීවි නිලධාරින්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
කරුවගස්වැව පහල පුලියන්කුලමේ පදිංචි සැකකරුවන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන් සමඟ අභය භුමිය විනාශ කිරීමට යොදා ගත් කැටපිලර් යන්ත‍්‍රයක්ද වනජිවි නිලධාරින්ගේ භාරයට ගෙන තිබේ.
වනජීවි නිලධාරින්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකරන අවස්ථාවේදී කැටපිලර් යන්ත‍්‍රය යොදා ගනිමින් වනය එළිපෙහෙලි කරමින් සිටි ඇත.
සැකකරුවන් විසින් අභය භුමියේ විනාශ කළ ප‍්‍රදේශයට ඔප්පු ඇති බවට ප‍්‍රදේශවාසීන්ට හඟවමින් මෙම වන විනාශය සිදුකර තිබේ.
වනසත්ව වෘක්ෂලතා ආඥා පනතේ විවි විධාන යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බව කරුවලගස්වැව අඩවි වනජීවි නිලධාරි කාර්යාලයේ වන සත්ව අඩවි සහකාර කේ.ඒ. උපාලි රණසිංහ මහතා පැවසුවේය.
1023 Views
Comments