සාගර කාරියවසම්ට සහ වාසුදේවට අධිකරණයෙන් නොතේසි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ කුරුවිට ප්‍රාදේශිය සභා මන්ත්‍රී S. රත්නසිරි මහතා ඔහුගේ ධුරයෙන් ඉවත් කිරීම වලක්වාලමිනි.
රත්නසිරි මන්ත්‍රීවරයා විසින් කල පැමිණිල්ලක් අද දිසා අධිකරණයේ විභාගයට ගැනුනු අවස්ථාවේදී මෙලෙස එළඹෙන 12වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.
ඊට අමතරව මෙම නඩුවෙහි වගඋත්තරකරුවන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසිද නිකුත් කර තිබේ.
පසුගිය වසරේ කුරුවිට ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමයක් අසලදී රත්නසිරි මන්ත්‍රීවරයා විසින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අවමාන සහගත ලෙස බැන වැදීම හේතුවෙන් තමාව ඉවත් කර එම ස්ථානයට වෙනත් අයෙකු පත් කරන ලෙස වාසුදේව නානායක්කාර ඇමතිවරයා පොදුජන පෙරමුණේ ලේකම්වරයාට දන්නවා තිබුණු බව පැමිණිලිකාර පාර්ශවය විසින් අධිකරණයට දන්වා තිබුණි.
තමාව පක්ෂයෙන් ඉවත් කිරීම නීතියට පටහැනි බව පෙන්වා දෙන ලෙස පැමිණිලිකාර මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
1277 Views
Comments