අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

අද උදෑසන 06.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයත්, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් වලාන උතුර, වැකඩ උතුර, කිරිබේරිය, මාලමුල්ල නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් ඕර්ස්හිල් සහ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්පුවාලිපුරම් යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ පොලිස් බල ප්‍රදේශයට අයත් නිලදණුඩාහින්න ග්‍රාම නිලධාරී වසමද මේ වන විට හුදෙකලා කර ඇති බව ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
2362 Views
Comments