ගොඩවැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

ගොඩවැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරයි

ගොඩවැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරයි

ගොඩවැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

 

ගොඩවැලි කැණීම් මගින් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවට වාර්තා ලැබීම මීට හේතුවයි.

 

අම්බලන්තොට - වලේවත්ත ගම්මානය මෙලෙස ගොඩවැලි කැණීම් නිසා මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

එමෙන්ම වගා කළ හැකි කුඹුරු ඉඩම් මෙන්ම පොල් ඉඩම් වැනි ආර්ථික වගාවන් සහිත ඉඩම් පවා වැලි කැණීම් නිසා විනාශ වී ඇති බව නිරීක්ෂණය කර ඇති කරුණක්.

 

මේ නිසා භූ විද්‍යා හා සමීක්ෂණ කාර්යාංශය මගින් විශේෂ කණ්ඩායමක් යොදවා පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාගැනීමට කටයුතු යොදා ඇති බවද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

 

එම වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි පියවර තීරණය කිරීමට නියමිතයි.

views

477 Views

Comments

arrow-up