NOV
11
කොළඹ - යාපනය දුම්රිය තාණ්ඩික්කුලමේදී ගිනි ගනී

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියේ පසුගිය 09දා සවස ගින්නක් හට ගෙන ඇත.
වවුනියාවේ තාණ්ඩික්කුලම දුම්රිය ස්ථානයට නුදුරු ප්‍රදේශයේදී එක්වරම දුම්රිය ගිනි ගැනීමට ලක්ව තිබේ.
දුම්රිය කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ගිනි නිවන උපකරණවල ආධාරයෙන් ගින්න මැඩ පවත්වා ඇති අතර පැය කීපයක ප්‍රමාදයකින් පසු දුම්රිය යළිත් වවුනියාවේ සිට කොළඹට ගමන් ආරම්භ කොට ඇත.
දුම්රියේ හටගත් මෙම ගින්න සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
754 Views
Comments