රෙදි වේලෙන්න දැමීමට ගිය 16 හැවිරිදි දැරිය අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

රෙදි වේලෙන්න දැමීමට ගිය 16 හැවිරිදි දැරිය අතුරුදන්

රෙදි වේලෙන්න දැමීමට ගිය 16 හැවිරිදි දැරිය අතුරුදන්

අවුරුදු 16ක දැරියක් අතුරුදන්ව ඇතැයි කොට්ටාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

 

දැරිය ඊයේ(19) දහවල් 1ට පමණ රෙදි වෙලීමට දැමීම සඳහා ගිය අවස්ථාවේ දී අතුරුදන්ව ඇතැයි ඥාතීන් පවසයි. 

 

දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වන එම දැරිය සිය මිතත්ණිය සමඟ නිවසේ සිට ඇති අතර රෙදි වේලීමට නිවසේ ස්ලැබ් එක මතට නැඟ තිබේ.

 

පසුව මිත්තණිය මදවේලාවක් බලා සිටිය ද මිණිබිරිය නොපැමිණීම නිසා කලබලයට පත්ව දැරියගේ මවට පවසා ඇත.

 

දැරියගේ මවද රෝගාතුරව සිටින අතර පසුව ඇය විසින් කොට්ටාව පොලීසියට සිද්දිය සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

දැරියගේ අතුරුදන් වීම පිළිබඳව කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

31581 Views

Comments

arrow-up