තවත් 39ක් අත්අඩංගුවට - නිරෝධායන නීති කැඩූ පිරිස 1899ක්

අද පෙරවරු හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුල සෞඛ්‍ය සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටයුතු කළ පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
මුහුණු ආවරණ පැලදීම සහ සමාජ දුරස්ථභාවය තබාගැනීම යන කරුණු මෙන්ම හුදකලා ප්‍රදේශවල නිරෝධායන නීති කඩ කරන්නන් පිළිබඳව ද තවමත් අවධානයෙන් කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පසුගිය ඔක්තෝම්බර් 30 දා සිට මේ දක්වා සෞඛ්‍ය සහ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1899 දෙනෙකු මේ වෙන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
612 Views
Comments