වැලිකඩ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කර සිටිනවා.
එලෙස වෛරසය ආසාදනය වී ඇති පිරිස අතර කාන්තා රැඳවියන් 22ක් සහ එක් පිරිමි රැඳවියෙකු සිටින අතර ඔවුන්ව වැලිකන්ද පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතට යොමු කිරීමට නියමිතව තිබෙනවා.
මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් 26 දෙනෙකුට සහ පිරිමි රැඳවියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
575 Views
Comments