නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දහ අටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ආ පුද්ගලයෙකු ද සමග අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අද(04) පියවර ගෙන තිබේ.

 

 මොහු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

 

බහරේන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

 

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත " ගෝල්ඩ් ලීෆ් '' වර්ගයේ දුම්වැටි 12,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 60 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

views

208 Views

Comments

arrow-up