සෞදි අරාබියෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහනයක්

සෞදි අරාබියෙන් පිටව යන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගෙන් කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.
සෞදි අරාබිය තාවකාලිව මෙම තීරණයට එළඹ ඇත්තේ දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින්.
සෞදි අරාබියේ තවදුරටත් රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එරට රජය ගත් මෙම තීරණය විදේශ සබදතා අමාත්‍යාංශය ද ඇගයීමට ලක්කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමියකයින් 50,000 කට අධික පිරිසක් නැවත දිවයිනට පැමිණීමට ලියාපදිංචි වී ඇති බවයි.
710 Views
Comments