යළි විශ්වවිද්‍යාලයට ගිය පසිඳු

විශ්වවිද්‍යාල සාදයක් අවසානයේදී සිසුවෙකු එවන ලද ටයරයක් ශරීරයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පසිඳු හිරුෂාන් සිසුවා ඊයේ (8) යළි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියේය.
ඒ සිය අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහාය.
ඉකුත් මාර්තු මස 5 වැනි දා රාත්‍රියේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති සාදයක් අතරතුර දී පසිඳු වෙත තල්ලු කර යැවු විශාල ට්‍රැක්ටර් ටයරයක් හිසේ වැඳී ඔහුට බරපතළ තුවාල සිදුවිය.
හිසේ අභ්‍යන්තර තුවාල හේතුවෙන් පසිඳු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ස්නායු අංශයේ මාස 3කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිට පසිඳු පසුගිය ජුනි මස 11 වන දින නිවස වෙත පැමිණියේය.
718 Views
Comments