වැලිකඩ බන්ධනාගාරය තාවකාලිකව අමුත්තන්ට වැසෙයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නතර කර තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.
අදාළ ආසාදිත රැඳවියා, කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙක් බව වාර්තා වෙයි.
713 Views
Comments