දකුණු අප්‍රිකානු ජනාධිපති රමෆෝසා මෙරට ජනාධිපති රනිල් සමග සාකච්ඡාවක
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

දකුණු අප්‍රිකානු ජනාධිපති රමෆෝසා මෙරට ජනාධිපති රනිල් සමග සාකච්ඡාවක

දකුණු අප්‍රිකානු ජනාධිපති රමෆෝසා මෙරට ජනාධිපති රනිල් සමග සාකච්ඡාවක

කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණි දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරතවී තිබේ.

 

ඒ විශ්වාසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් මෙරට ස්ථාපනය කිරීමට දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙනි.

 

දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ ඉන්දුනීසියාව පැවති G 20 සමුළුවට සහභාගි වී ආපසු යන අතරතුරදීය.

 

මේ අතර දිවයිනට පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ 70 වැනි උපන් දින සැමරුමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තිබුණි.

 

 

views

196 Views

Comments

arrow-up