කැලිෆෝනියාවේ නොකැපූ ඩෝග්වුඩ් ගස
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

කැලිෆෝනියාවේ නොකැපූ ඩෝග්වුඩ් ගස

කැලිෆෝනියාවේ නොකැපූ ඩෝග්වුඩ් ගස

එලන් රෙනාඩ් මීට වසර හතකට පෙර සැන් ෆ්රැන්සිස්කෝ සිට කැලිෆෝනියාවේ නෙවාඩා නගරයට සංක්‍රමණය විය. ඇගේ නව නිවස ගැන ඇය කැමතිම දෙයක් වූයේ ඇගේ ඉදිරිපස වත්තේ කෙළවරේ ඇති ගසයි. “මේ රෝස පැහැති ඩෝග්වුඩ් ගසේ ලස්සනට පිපෙන මල් වලට මම බොහෝ ආශා කලා” කියා ඇය පවසනවා.එතැන් සිට සෑම වසන්තයකම එය එසේ මල් බරවී තිබෙනවා. නමුත් මෙම වසරේදී දේශීය විදුලිබල සමාගම ඇයට ගස කපා දැමිය යුතු බව පැවසූ විට ඇය මහත් සේ කලබලයට පත්වුණා. “ඒ ලස්සන ගස කපා දැමීමේ සිතුවිල්ල මට මහත් දුකක් ගෙන දුන්නා. ඒක අවුරුදු ගාණක් තිස්සේ තිබුණා. ” යනුවෙන් ඇය ප්‍රකාශ කරනවා. 72 හැවිරිදි රෙනාඩ් ඔවුන්ගෙන් ඇසුවේ ඔවුන්ට ගස බේරා ගත හැකිද යන්නයි. ඒ අනුව අප්‍රේල් මාසයේදී එය බද්ධ කිරීමට ඔවුන් තීරණය කළා. මෙම ක්‍රියාවලියේදී මුල් ඉවත් කිරීම සඳහා එහි මැටි පස් හාරා මුල් පසුව දැඩි ප්ලාස්ටික් තහඩු වලින් ඔතා තැබුවා.

ඉන්පසු ගස තිබුණු තැනින් ඔසවා වත්ත මැදට ගෙන ගියා. පසුව එය විශේෂයෙන් සකස් කරන ලද අලුත් වලකට ප්‍රවේශමෙන් පහත් කරන ලද අතර එය පෝෂ්‍යදායී රෝපණ පස් වලින් පුරවා දැමුවා. ගස එහි නව ස්ථානයට පැමිණි පසු, එයට වතුර දමා විටමින් බී වලින් පෝෂණය කලා. මෙලෙස ඩෝග්වුඩ් ගස මාරු කිරීමේදී එයට එක පත්‍රයක්වත් අහිමි නොවූ නමුත් මේ විශාල පියවරෙන් පසු එහි බාහිර වෙනස්කම් කිහිපයක් සිදු වී තිබෙනවා. රෙනාඩ් පවසන්නේ ඇය ගස ගෙන යාමට පෙර එහි කඳ පාසි වලින් පිරී තිබුණ නමුත් දැන් ඉහළ අත්තක් මත පාසි කුඩා ආලේපනයක් හැරෙන්නට එය බොහෝ දුරට පිරිසිදු බවයි. රෙනාර්ඩ් වඩාත්ම ආදරය කරන ඩොග්වුඩ්හි එක් අංගයක් වන්නේ කඳයි. “පොත්ත ඉරිතලා රැළි වැටී තිබෙනවා. එය වසර ගණනාවක දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති පැරණි මුහුණකි ඊට එක් කරනවා” ඇය වැඩිදුරටත් කියා සිටිනවා.

මෙලෙස ඩෝග්වුඩ් ගස මාරුකළ කාලෝස් සහ ඔහුගේ කණ්ඩායම එතැන් සිට ඉදිරිපස වත්ත ඩෝග්වුඩ් ගස සමඟ දර්ශනීය ස්ථානයක් බවට පත්කර තිබෙනවා. දැන් රෙනාඩ්ගේ අසල්වැසියන් මේ ප්‍රතිසංස්කරණය කරන ලද උද්‍යානයට හරිම කැමතියි. සමහරු අහන්නේ මේ ලස්සන ගස ආවේ කොහෙන්ද කියලා. සිය අවශ්‍යතාවයන් සඳහා වෙනස් කපා විනාශ නොකළ මේ ඩෝග්වුඩ් ගස ගැන රෙනාඩ් කතා කරන්නේ බොහෝම සතුටෙන් හා ආඩම්බරයෙන්.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

views

473 Views

Comments

arrow-up