JAN
05
ඉන්දීය විදේශ ඇමති දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපල වෙත මීට ටික වේලාවකට පෙර පැමිණියා.
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුද පැමිණ සිටිනවා.
ඔවුන් පිළිගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින්.
678 Views
Comments