අවධානයෙන් සිටින්න! පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වෙළඳපොලට මුදා හැරීමේ සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

අවධානයෙන් සිටින්න! පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වෙළඳපොලට මුදා හැරීමේ සූදානමක්

අවධානයෙන් සිටින්න! පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වෙළඳපොලට මුදා හැරීමේ සූදානමක්

මීට වසර 2කට පෙර මෙරටට ආනයනය කර මිනිස් පරිභෝජනයට නුසුදුසු බව  තහවුරු කෙරුනු බාස්මතී සහල් තොගයක් නැවත වෙළඳපොළට මුදා හැරීමේ සූදානමක් පිළිබඳව  වාර්තා වනවා.

 

මෙම සහල් තොගය පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර එම සහල් බහාලුම් 100ක් පමණ මේ වෙනවිට කොළඹ වරාය ගුදම් වල පවතී.

 

මෙම සහල් තොගයේ ගුණාත්මකභාවය පිළිබඳව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් රසායනාගාර කිහිපයක් පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සතුන් බහුල එම සහල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවයි. එම නිසා මෙම සහල් වෙළෙඳ පොළට නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රේගු දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

 

ඒ අනුව ක්‍රියාත්මක වූ රේගුව මෙලෙස රැගෙන ආවා බලු 9කට මුද්‍රා තබා ඇති නමුත් ආරංචි මාර්ග පවසන්නේ මෙම සහල් තොගය නැවතත් දුමානය කර වෙළදපොළට නිකුත් කිරීමේ සූදානමක් ඇති බවයි.

 

 

 

 

 

 

source: Hirunews

views

1222 Views

Comments

arrow-up