වනසිංහ තාත්තයි - පුතයි හමුදා ඉතිහාසය වෙනස් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

වනසිංහ තාත්තයි - පුතයි හමුදා ඉතිහාසය වෙනස් කරයි

වනසිංහ තාත්තයි - පුතයි හමුදා ඉතිහාසය වෙනස් කරයි

හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත් ඩබ්ලිව්.ඒ.එස්. සංජය වනසිංහ මහතා මේජර් ජනරාල් ධුරයට උසස් කිරීමට සන්නද්ධ හමුදා සේනාධිපති, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

 

හමුදා ඉතිහාසයේ හිටපු යුද හමුදාපතිවරයකුගේ පුතකු මේජර් ජෙනරාල් ධූරය දක්වා උසස්වීම ලැබූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

 

සංජය වනසිංහ මහතා යුද හමුදාවට බැදෙනුයේ සිය පියා වන හැමිල්ටන් වනසිංහ මහතා යුද හමුදාපතිවරයාව සිටි සමයේදීය.

 

සංජය වනසිංහ මහතා හට ඊට අදාළ නිල පැවරීම පවා සිදු කරනුයේ පියා වන යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ මහතා විසිනි.

 

views

916 Views

Comments

arrow-up