අද සිට මනාප අංක ලබාගන්න පුළුවන් - මැකෝ

එළඹෙන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
එක් එක් දිස්ත්‍රික්කවල අපේක්ෂකයින්ගේ මනාප අංක ද පෙරවරුවේ දිස්ත්‍රික් භාර නිලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.
අපේක්ෂකයින්ගේ අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් අද උදෑසන සිට එම මනාප අංක ලබා ගැනීමට හැකියාවක් පවතින බවද හින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටිනවා.
644 Views
Comments