අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් සහන ඉල්ලයි

පූර්ව කොමිෂන් සභා සහ කමිටුවල තීරණ ඇගයීම හා ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන් පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් හමු වී තිබුණි.
එහි දී ඔවුන් ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පවසා ඇත්තේ තම ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහන ලබා දෙන ලෙසයි.
ජනාධිපති කොමිෂන් සභාව මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් 173 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන තිබුණි.
රජය විසින් මීට පෙර සහන ලබා දුන්න ද ඒවා ප්‍රමාණවත් නොවන බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත.
189 Views
Comments