ලන්ඩනයේ සිටි තවත් ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනා වෛරසයෙන් මරුට

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
ඉන් එක් අයෙක් ලන්ඩනයේ පදිංචි වයස අවුරුදු 72 ක් වූ ලලිත් චූල පෙරේරා නැමැත්තෙක්. ඔහු වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළී ඇති පුද්ගලයෙක්. ඔහු කොරෝනා රෝගී තත්ත්වයෙන් පෙළෙද්දී රෝහල කරා ඔහුව රැගෙන යෑමට ගිලන් රථයක් පැමිණ ඇත්තේ පැය එකහමාරක් පමණ ප්‍රමාද වී බවයි ඔහුගේ පවුලේ ආරංචි සඳහන් කර ඇත්තේ.
අනෙක් පුද්ගලයා උතුරු ලන්ඩනයේ ප්‍රදේශයක පදිංචි අනුර ගාල්ලගේ නැමැති 62 හැවිරිදි දෙදරු පියෙක්. ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වීමට පෙර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ පුද්ගලයෙකු බවයි සඳහන් වෙන්නේ.
747 Views
Comments