රාජගිරියේ වගුරු බිමක ගින්නක් - පාලනයට ගුවන් හමුදාව පැමිණේ

රාජගිරිය බුත්ගමුව පෙරේරා මාවත ආශ්‍රිතව වගුරුබිමේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ගින්න නීවිම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් පිටත් කර යවා ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නීවිම් සේවා ඒකකය සඳහන් කරයි.
ගින්න හට ගෙන ඇත්තේ වගුරුබිම් ප්‍රදේශයක වන අතර එම නිසා එම ප්‍රදේශයට ළඟාවීමේ දුෂ්කරතාවක් හටගෙන ඇති බව ගිනි නීවිම් ඒකකය සඳහන් කරයි.
කෙසේවෙතත් ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් සුදානම් කර ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
687 Views
Comments