ආසාදිතයන් ලක්ෂ 02 පනී - ඊයේ කොරෝනා මරණ 40 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

ආසාදිතයන් ලක්ෂ 02 පනී - ඊයේ කොරෝනා මරණ 40 ක්

ආසාදිතයන් ලක්ෂ 02 පනී - ඊයේ කොරෝනා මරණ 40 ක්

මෙරට කොවිඩ් ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 1696 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (05) දිනයේදී තවත් කොරෝනා මරණ 40 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටියා.

 

ඒ අනුව ඊයේ දිනයේදී කොරෝනා මරණ 1 ක් පමණක් වාර්තා වී තිබුණු අතර ඉතිරි මරණ 39 සිදු වී තිබුණේ මැයි 21 සිට ජුනි 04 වනදා දක්වා කාලය තුලයි.

 

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 3094 ක් හඳුනාගෙන තිබුණා. ඒ සමඟ මෙරට කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 2 සීමාව පසුකර ගොස් තිබුණා. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයන් 202 348 ක්.

 

ගත වූ පැය 24 ක කාල සීමාව තුල නිරෝධායන නීති කැඩූ 995 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 138 දෙනෙකු මාතලෙන්ද, 129 දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන්ද, 75 දෙනෙකු නිකවැරටිය ප්‍රදේශයෙන්ද අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කළේ. මේ දක්වා නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයන් සංඛ්‍යාව 23495 ක්.

 

 

 

views

979 Views

Comments

arrow-up