කොවැක්ස් එන්නත් පළමු තොගය ලබන ඉරිදා දිවයිනට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා දාහතර ලක්ෂ හතළිස් දහස අතරින් පළමු තොගය ලබන ඉරිදා දිවයිනට ලැබීමට නියමිතයි.
පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා දෙලක්ෂ හැටහතර දහසක් මෙරට සෞඛ්‍ය අංශ වෙත ලබාදීමට නියමිත බවයි යුනිසෙෆ් සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලය සදහන් කරන්නේ.
කොවැක්ස් වැඩසටහන මගින් මෙරට ජනගහනයෙන් 20%කට එන්නත් මාත්‍රා ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනවා.
පළමු මාත්‍රා තොගය වයස අවුරුදු 60ට වැඩි ගොඩක් අවධානම් සහිත ප්‍රදේශවල ජනතාව සඳහා එන්නත් කිරීමට නියමිතයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ලෝකය පුරා බෙදා හැරීමට නියමිත මුළු එන්නත් මාත්‍රා ප්‍රමාණය බිලියන 2ක් වනවා.
654 Views
Comments