අද සවස 6 සිට කොටහේනට ඇඳිරි නීතිය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

අද සවස 6 සිට කොටහේනට ඇඳිරි නීතිය

අද සවස 6 සිට කොටහේනට ඇඳිරි නීතිය

අද (22) සවස 6 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

 

 

මේ වන විට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

 

 

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 05කට නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට පනවා තිබේ.

 

 

ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

 

 

views

680 Views

Comments

arrow-up