නිරෝධායනයෙන් පැනගිහින් බීමතින් වැටී සිටි පොලිස් කොස්තාපල් රියදුරාගේ වැඩ තහනම්

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළාගොස් බීමතින් මාර්ගයේ වැටී සිටියදී සොයාගත් පොලිස් කොස්තාපල් රියදුරාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.
මොහු දැනට නිරෝධායන ක්‍රියාවලියේ නිරත වන අතර එම කටයුතු අවසන් වූ පසු නිරෝධායන පනත යටතේ නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබෙනවා.
775 Views
Comments