හරීන් කොවිඩ් එන්නත එපා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

හරීන් කොවිඩ් එන්නත එපා කියයි

හරීන් කොවිඩ් එන්නත එපා කියයි

හරීන් ප්‍රනාන්දු මහතා මේ මොහොතේ කොවිඩ් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා

 

ඒ මහතා සිය ටිවිට්ර් සටහනක් එක් කරමින් කියා සිටින්නේ අවම අවශයෙන් මෙරට ජනතාවගෙන් මිලියනයකට එන්නත්කරණය සිදුකිරීමෙන් පසුව එන්නත ලබා ගැනීමට කටයුතු කරන බවයි.

 

 

" මම දැන්ම කෝවිඩ් එන්නත ලබා නොගනිමි.

අපගේ ප්‍රමුඛතාවය විය යුත්තේ බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ප්‍රමුඛ පෙළේ සේවකයින්ට එන්නත් කිරීමයි.

අවම වශයෙන් පුද්ගලයින් මිලියනයකටවත් එන්නත ලබා දීමෙන් පසුව එම එන්නත ලබා ගැනීමට කටයුතු කරමි"

 

යැයි සිය ට්විටර් සටහනක් තබා තිබෙනවා මේ අතර අද දිනයේ සිට මෙම මස 19 වෙනිදා දක්වා උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා වන කාලය තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත ලබා ගැනීමට හැකියාව ඇති බවට පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියා.

 

 

views

948 Views

Comments

arrow-up