NOV
19
පාස්කු කොමිසම විසින් පටිගත කළ ඇතැම් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ නීතිපති ඉල්ලයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම විසින් පටිගත කරගෙන ඇති සමහර සාක්ෂිකරුවන් විසින් ලබාදෙන ලද ප්‍රකාශ තමන් වෙත ලබා දෙන්නැයි නීතිපතිවරයා විසින් පාස්කු කොමිසමේ සභාපතිවරයාට දැනුම්දී තිබේ.
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
642 Views
Comments