දිනක් තුළ කොරෝනා මරණ 919ක් - ඉතාලියම කොරෝනා ගොදුරක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

දිනක් තුළ කොරෝනා මරණ 919ක් - ඉතාලියම කොරෝනා ගොදුරක් වෙයි

දිනක් තුළ කොරෝනා මරණ 919ක් - ඉතාලියම කොරෝනා ගොදුරක් වෙයි

රටවල් 199කට බලපා ඇති කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයින් 3178 දෙනෙකු මියගොස් තිබේ.

 


වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලිය තුළ වන අතර ඊයේ(27) දිනයේ පමණක් එරට තුළ මියගිය සංඛ්‍යාව 919ක් වෙයි.

 


වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුළ ඉතාලිය තුළ මියගිය වැඩිම සංඛාව මෙය බව වාර්තා වෙයි.

 


ඉතාලියේ නව ආසාදිතයින් 5909 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 


එරට වෛද්‍යවරුන් 46ක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවකයින් 6414 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.

 

views

750 Views

Comments

arrow-up