බාලවයස්කාර පෙම්වතිය ලොරියෙන් පැහැරගෙන යද්දී ඉන්ධන ඉවරවී ඉතිරි ටික ත්‍රීවීලරේ ගිහින්

මොරටුව ප්‍රදේශයේ අවුරුදු 17ක බාලවයස්කාර දැරියක් සමඟ පෙමින් වෙළී සිටි 20 හැවිරිදි තරුණයෙකු ඇයව රැගෙන ගොස් ලිංගික අපයෝජනයේ යෙදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ තරුණයා මීට පෙර දැරිය රැගෙන ගොස් තම නිවසේ මාස දෙකක කාලයක් තබාගෙන අඹුසැමියන් ලෙස ජීවත් වී ඇති අතර පසුව වැඩිහිටියන්ගේ මැදිහත්වීමෙන් දෙදෙනා දෙපසකට කර ඇති බව වාර්තාවේ.
මීට දින කිහිපයකට පෙර නැවත ලොරියකින් පැමිණි තරුණයා බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් ඇති අතර ඉන්ධන අවසන්වීම හේතුවෙන් ලොරි රථය මග දමා ත්‍රීරෝද රථයෙන් ඇය රැගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනයේ දී හෙළි වූ බව පොලිසිය කියයි.
අනතුරුව පසුගිය 30 වනදා සවස ලොරි රථයකින් පැමිණි තරුණයා තරුණිය නැවතත් සිය ඥාතී නිවසකට රැගෙන ගොස් ඇරලවා ඇතැයි පොලිසිය පැවැසීය.
දැරියගේ පාර්ශවයෙන් ලැබුණු පැමිණිල්ල මත විමර්ශන කළ පොලිසියට දැරිය පවසා ඇත්තේ සැකකරු ඇය බලහත්කාරයෙන් රැගෙන ගොස් ලිංගික අතවරයට ලක්කර ඇති බවයි.
මෙම බාල අපරාධ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් පස් දෙනෙකු සොයා පොලිසියි විමර්ශන අරඹා ඇත.
ලොරියේ ඉන්ධන අවසන් වීමෙන් පසු භාවිත කළ ත්‍රිරෝද රථය පිළිබඳවද වෙනමම විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
අපයෝජනයට ලක්වූ බාලවයස්කාර දැරිය මේවන විට අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බව සඳහන් කරන පොලිසිය අත්අඩංගුවට ගත් අය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.
367 Views
Comments