කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව සිංහල අවුරුද්දෙන් පසුව

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව සිංහල අලුත් අවුරුදු සමයෙන් අනතුරුව ලබාදෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය එන්නත් තොග නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.
මෙම මස අවසානය වනවිට කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එන්නත් දෙලක්‍ෂ 64,000 ක් ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ ප්‍රකාශ කරනවා.
687 Views
Comments