කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන ‘කළු මල්ලි’ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන ‘කළු මල්ලි’ අත්අඩංගුවට

කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන ‘කළු මල්ලි’ අත්අඩංගුවට

රොහාන් ප්‍රදීප් නොහොත් ‘කළු මල්ලි’ අංගොඩ ප්‍රදේශයේදී හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

‘කළු මල්ලි’ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු බව සඳහන් වනවා.

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ, ඔහුගේ බැංකු ගිණුමකට පසුගිය මාස 3 තුළ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8ක මුදලක් ඇති බවය.

 

මොහු දකුණු පළාතේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය මෙහෙය වන  පුද්ගලයා ලෙස ද හඳුනාගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

views

686 Views

Comments

arrow-up