AUG
11
මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ

09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙන බවය.
අගෝස්තු මස 20 වන දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මෙවර පාර්ලිමේන්තුව රැස්වීමේ දී මන්ත්‍රීවරුන් විශේෂ මාර්ගෝපදේශන පිළිපැදිය යුතු බවද ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
621 Views
Comments