දණ්ඩ නීති සංග්‍රහයෙහි එන ප්‍රධාන වැරදි පිළිබඳව ඔබ දැනුවත්ද

දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදක් යන්න සඳහන් වන්නේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ බලාත්මකව පවත්නා වෙනත් යම් නීතියක් යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක් හෝ නොකර සිටීමක් යනුවෙනි. දණ්ඩ නීති සංග්‍රහයට අනුව ප්‍රධාන වැරදි කිහිපයක් හඳුනාගෙන ඇත.
1. වංචාව
සාමාන්‍ය ව්‍යවහාරයේ වංචාව යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගලයකු වැරදි පිළිගැනීමක් මත කටයුතු කරන අයකු සමඟ කටයුතු කිරීමට සලස්වමින් තමාට වාසි අත්කර ගැනීම හෝ තමාගේම යම් කර්තව්‍යයක් සිදු කර ගැනීමයි. වංචාව සිදු කරන තැනැත්තා වෙනත් අයෙකු කිරීමේ අදහසින් කටයුතු කරයි. වංචාව සඳහා අදාල වන ප්‍රධාන විත්තිවාචක කිහිපයක්ම නීතියෙන් හඳුන්වා දී තිබේ. සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට ප්‍රමාණවත් නොවන සාක්ෂි පැවතීම, වංචාවක් සිදුකිරීමට චේතනාවක් නොතිබීම, මුළාවීම එනම් අපරාධයක් සිදු කරන තැනැත්තෙකු එසේ සිදුකර ඇත්තේ වෙනත් අයෙකු විසින් ඒ සඳහා කැමති කරවා ගැනීමේ හෝ පොළඹවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වීම, වංචාකාරී නොවන ප්‍රකාශ කිරීමයි. මෙහිදී අසත්‍ය ප්‍රකාශ සියල්ලම වංචාකාරී ප්‍රකාශ බවට පත් නොවේ. එමනිසා වරදකරුගේ ප්‍රකාශය අනෙක් තැනැත්තාට අසත්‍යක් ලෙස විශ්වාස කිරීමට උපයෝගී වූයේ නම් එය වංචාකාරී ප්‍රකාශයක් නොවන නමුත් හුදු අසත්‍ය ප්‍රකාශයකි.
2. සොරකම
සොරකම යනුවෙන් අදහස් වන්නේ වෙනත් අයෙකුගේ දේපලක් එය එහි සැබෑ හිමිකරුට අහිමි කිරීමේ චේතනාවෙන් එම තැනැත්තාගේ අවසරය හෝ කැමැත්ත නොමැතිව ලබාගැනීමයි. සොරකම සඳහා ද ප්‍රධාන විත්තිවාචක කිහිපයක් පවතී. දේපලෙහි අයිතියට හෝ හිමිකමට හිමිකම් පෑම, මත්වීම, මුළාවීම, දේපල ආපසු ලබා දීමේ චේතනාව යනාදිය එම විත්තිවාචක වේ. දේපලෙහි අයිතිය ට හෝ හිමිකමට හිමිකම් පෑම යනුවෙන් අදහස් වන්නේ සොරකම් කරන ලද දේපළ තමාට හිමි බව චූදිත තැනැත්තා සද්භාවයෙන් විශ්වාස කිරීමයි. මත් වීම යනුවෙන් අදහස් වන්නේ මද්‍යසාර රසායන ද්‍රව්‍ය හෝ මත්ද්‍රව්‍ය යන කුමක් නිසා සිදු වුවද තමාගේ මත් බව මත රඳා සිටිමින් විත්තිකරු පෙන්වා සිටින්නේ සොරකම් කිරීමට තමාට චේතනාවක් නොවූ බවයි. මුළාවීම යනුවෙන්ද විත්තිවාචකයක් පවතින අතර එහි අදහස වන්නේ ආපරාධයක් සිදු කරන තැනැත්තෙකු එසේ සිදුකර ඇත්තේ වෙනත් අයෙකු විසින් ඒ සඳහා කැමති කරවා ගැනීම හෝ පොළඹවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වීමයි. දේපල ආපසු ලබා දීමේ චේතනාව යනු විත්තිකරු තහවුරු කරන්නේ ඔහු විසින් දේපල සොරා නොගත් බවත් එය හුදු ණයට ලබා ගැනීමක් පමණක් බවත්ය.
3. අල්ලස
අල්ලස යනුවෙන් අදහස් වන්නේ 1965 අංක 2 දරණ අල්ලස් පනතේ යම් විධිවිධානයක් උල්ලංඝනය කරමින් යම් තුටු පඬුරක් ලබාදීම, ඉල්ලා සිටීම හෝ පිළිගැනීමයි. අධිකරණ ශබ්ද කෝෂයට අනුව අල්ලස යන්න අර්ථ දක්වා ඇත්තේ යම් රජයේ සේවකයෙකු තම රාජකාරිය විශේෂිත ආකාරයකින් ඉටුකිරීම සඳහා එම සේවකයා විසින් ත්‍යාගයක් හෝ තුටු පඬුරක් ප්‍රදානය කිරීමේ හෝ පිළිගැනීමේ ක්‍රියාවක් යනුවෙනි.
4. නොසලකා හැරීම
අධිකරණ ශබ්ද කෝෂයට අනුව නොසලකා හැරීම යන්න අර්ථ දක්වා ඇත්තේ පොදුවේ ක්‍රියාවන් හැසිරවීම පාලනය කරනු ලබන එම ප්‍රතිශ්ඨාවක් මගින් මෙහෙයවනු ලබන සාධාරණ පුද්ගලයකු විසින් සිදුකරන ක්‍රියාවක් නොකර සිටීම හෝ සාධාරණ සහ විචක්ෂණ පුද්ගලයකු විසින් සිදු නොකරන ක්‍රියාවක් සිදු කිරීම යනුවෙනි. නොසලකා හැරීම සඳහා ද බලපාන ප්‍රධාන විත්තිවාචක කිහිපයක් පවතී. සහායක නොසැලකිල්ල, අවදානම ස්වේච්ඡාවෙන් බාරගැනීම, නොවැළැක්විය හැකි අනතුර, අනෛතිකතාව යනාදිය එම ප්‍රධාන විත්තිවාචක වේ.
මෙවැනි කරුණු පිළිබඳව ලබන දැනුවත්භාවය පුද්ගලයන් වශයෙන් ඔබව වැරදිවලින් ඈත් කර තබා ගැනීමට හේතු වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2343 Views
Comments