බන්ධනාගාරය ඇතුලේ මත්කුඩු එන්නත් කරගත් රැඳවියා අවසන් ගමන් යයි

වැඩි මත් බවක් ලබා ගැනීම සඳහා දුම්බර බන්ධනාගාරයේ මත්ලෝලී රැඳවියන් පිරිසක් මිනිස් රුධිරයට මත්කුඩු මිශ්‍රකර එන්නත් කර ගැනීමෙන් එක් රැඳවියකු මියගොස් තිබේ.
සිද්ධියෙන් රෝගී වූ තවත් රැඳවියන් කිහිපදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත.
බන්ධනාගාරගතව සිටි දසදෙනකු පමණ එක්ව දුම්බර බන්ධනාගාර රෝහලෙන් සොරා ගත් එන්නත් කටුවක් යොදා ගෙන තම තමන්ගේ සිරුරුවලින් ලබාගත් රුධිරය යොදා ගනිමින් මත්කුඩු මිශ්‍රකර සිරුරට එන්නත් කරගෙන ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාර රෝහලට රැගෙන ගිය අවස්ථාවක මොවුන් එන්නත් කටු සොරකම් කිරීම සිදුකරන්නට ඇතැයි සැක කෙරේ.
දුම්බර බන්ධනාගාර තුළ රැඳවියන් කෙසේ හෝ මත් කුඩු සපයාගෙන තිබුණි.
එසේ සපයා ගත් මත්කුඩු හිඟයක් ඇතිවීම හා මිල ඉහළ යෑම හේතුවෙන් මත්කුඩු ස්වල්පයකින් වැඩි මත් බවක් ලබා ගැනීම සඳහා මොවුන් මෙසේ රුධිරයට මිශ්‍ර කර මත්කුඩු සිරුරට එන්නත් කරගෙන ඇත.
305 Views
Comments