ගැරඬිඇල්ලේදී ඛේදාන්තයකින් ගමනාන්තය නිමා කල ලංගම බසය ගැන කතරගම ඩිපෝවෙන් ඇහෙන කතාව මෙන්න...

අනතුරට ලක්වූ බස් රථය සහ අනතුර සිදුවූ ස්ථානය නිරික්ෂණය කිරීම සදහා බස් රථය අයත් කතරගම ඩිපෝවේ ධාවන පරීක්ෂකවරයා ඇතුලු පිරිසක් එහි ගොස් තිබුණා.
අප කළ විමසීමකදී කතරගම ඩිපෝවේ ධාවන අංශයේ නිලධාරීයෙකු පැවසුවේ මෙම බස්රථය දෛනිකව කතරගම සිට කුරුණෑගල බලා ධාවනය කෙරෙන අතර, සෑම දිනකම ගමන් ආරම්භයට පෙර බස් රථය පරීක්ෂා කරන බවයි.
අනතුරට පෙර දින රාත්‍රියේ ගමන් ආරම්භයට පෙරද බස් රථය පරික්ෂා කළ අතර, එහි කිසිදු දෝෂයක් නොතිබූ බව ද අදාළ නිලධාරියා ප්‍රකාශ කළා.
බස් රථය පැදවූ රියදුරු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවත් ඔහුගෙන් කිසිදු ව්‍යාකූලත්වයක් දක්නට නොලැබුණු බවත්, කතරගම ඩිපෝවේ ධාවන අංශයේ නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
බස් රථයේ රියදුරු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු 44 හැවිරිදි වියේ පසුවනවා. එමෙන්ම, බස් රථයේ රිය සහයක අනතුරින් බලපතල තුවාල ලබා මේ වන විට රෝහල්ගතව පසුවන බවයි පොලිසිය පැවසුවේ.
කතරගම ඩිපෝවේ කළමනාකරු සුසිල චමින්ද සිරිවර්ධන පැවසුවේ මෙම බස් රථෙය් එක් ගමන් වාරයකට එක් රියැදුරෙකු පමණක් සේවය කරන අතර, ගමන්වාරයට පසුදින එම රියැදුරුට නිවාඩු දිනයක් හිමිවන බවයි.
රාත්‍රි 10.30 ට කතරගමින් ගමන් ආරම්භ කළ මෙම බස් රථය වැලිමඩ, නුවරඑළිය සහ තවලන්තැන්න යන ප්‍රදේශවල විනාඩි 15 බැගින් නවතා විවේක ලබාගැනීමෙන් පසු යළි ගමන් අරඹන බවද කතරගම ඩිපෝ කළමනාකාරවරයා සදහන් කළා.
බස් රථය සම්බන්ධයෙන් පරික්ෂා කර එහි ගැටලුවක් තිබුණේ ද, නැද්ද යන්න පිළිබදව සොයා බලන බවද ඔහු කියා සිටියා.
736 Views
Comments