මුහුණට ඉසූ දියරය නිසා ප්ලෑන් එක ගැස්සුණා - ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම හේතුවෙන් ජීවිතයක් බේරුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

මුහුණට ඉසූ දියරය නිසා ප්ලෑන් එක ගැස්සුණා - ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම හේතුවෙන් ජීවිතයක් බේරුණු හැටි

මුහුණට ඉසූ දියරය නිසා ප්ලෑන් එක ගැස්සුණා - ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම හේතුවෙන් ජීවිතයක් බේරුණු හැටි

මේ කතාව වාර්තා වෙන්නේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන්.

 

වාසනාවකට වගේ පැහැරගැනීමට ගිය සිසුවිය මෙම කරදරයෙන් බේරී තිබෙනවා.

 

ඒ ඇගේ මව සහ ප්‍රදේශවාසීන් ඇයත් සමඟ සිටි නිසා වෙන්නට පුළුවන්.

 

වයස අවුරුදු 10 වන මෙම දැරිය මව සමඟ උපකාරක පන්ති යන අවස්ථාවේ මේ සිද්ධියට මුහුණ දී තිබෙනවා.

 

කිසියම් සැලසුමකට අනුව එක් අ‍යෙක් දරුවා පැහැර ගැනීමට පෙර කිසියම් දියරයක් ඇගේ මුහුණට ඉසීමට උත්සාහ ගෙන තිබුණා.

 

ඒ නිසා දැරිය බිම වැටී ඇති අතර එම සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වීම නිසා අදාල දැරිය පැහැර ගැනීමට පැමිණි පිරිස එතනින් පළා ගොස් තිබෙනවා.

 

කොහොම වුණත් මේ අවස්තාවේ දී දරුවාගේ මව ඇය සමඟ සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

 

මේ සම්බන්ධයෙන් පොලීසිය වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

 

කොහොම වුණත් මෙම දැරියගේ මව හා පියා වෙනව ජීවත් වෙන බවටයි වාර්තා වෙන්නේ.

 

මෙම දැරිය මේ වනකොට වෛද්‍ය පරික්‍ෂණයක් සඳහා රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

views

304 Views

Comments

arrow-up