සීයා වඳුරන්ට ඇද්ද විදුලිය මිණිබිරියට මාරකයක් වූ හැටි

වෙලම්බොඩ, කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසකදී 11 හැවිරිදි දැරියකට පෙරේදා (20) විදුලිසර වැදී මරුමුවට පත්වී ඇත.
මියගිය දැරියගේ සීයා අසනීපවීම නිසා නිවැසියන් එක්ව ඔහුට බෙහෙත් රැගෙන ඒමට ගොස් තිබේ. ඔවුන් ගොස් ඇත්තේ මියගිය දැරිය නිවසේ රඳවා තබාය. එලෙස බෙහෙත් රැගෙන ඒමෙන් පසු නිවැසියන් දැරිය නිවසේ නොසිටීම නිසා සොයා තිබේ. ඒ අවස්ථාවේ නිවසේ කොන්ක්‍රීට් ස්ලැබ් එකට ඉණිමගක් හේත්තු කර තිබෙනු නිවැසියන් දැක ඇත.
පසුව එම නිවැසියන් ඉණිමග දිගේ ස්ලැබ් එකට නැඟීමේදී දැරිය විදුලි රැහැන අසල වැටී සිටිනු දැක ඇත. අනතුරුව ඔවුන් දැරියව රෝහල්ගත කිරීමට පියවර ගත්තද ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇත.
වඳුරන් එම නිවෙස් පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්වීම සඳහා දැරියගේ සීයා ස්ලැබ් එක මත විදුලි රැහැන් ඇද ඇතැයි හෙළිවූ බවද පොලිසිය පවසයි.
ඉණිමග දිගේ ස්ලැබ් එක මතට නැඟ ඇති දැරිය එම විදුලි රැහැන් ඇල්ලීමට යෑමේදී විදුලිසර වැදෙන්නට ඇති බවට සැකකරන බවද පොලිසිය පවසයි.
මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ශීක්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි.
වෙලම්බොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
110 Views
Comments