“තමුසෙ නටන්න ඕනෑ හැම නාඩගමක්ම නටලා මාවත් රැවට්ටුවා” - පැරණි පෙම්වතා හමුවෙන්න හෝටල් කාමරයට ගිය තරුණියට වූදේ

“ඉස්කෝලේ යන කාලේ පොඩි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒක එච්චර දුරදිග ගියේ නෑ. ඊට පස්සෙ මට හම්බවුණ පළවෙනි කෙල්ල ඔයා තමයි.”
ඒ ඇය ඇසූ ප්‍රශ්නයට ඔහු ලබාදුන් පිළිතුරයි...
ඒ මොහොතේ ඇය ඒ කතාව එතනින්ම මගහරින්නට වුණා.. ඒ වෙන කියන්න කිසිවක් ඉතුරු නොවූ නිසායි.. ඒත් ඇය ඔහුට අවංකවීමටත් මීට පෙර වූ වැරදි සැඟවීමටත් හිතා ගත්තේ ඔහු එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්නට තිබූ කැමැත්ත නිසාමයි..
කොහොම වුණත් ඔහු නම් ඇතැම් අවස්ථාවලදී පමණට වඩා අවංකවීමටත් ඇයට කරදරයක් වගේ දැනුන වාර නැතුවම නෙවෙයි.. ඒත් කාලයත් එක්ක ඒ දෙන්නාගේ ජීවිතවල වැදගත්ම දවස උදා වුණා..
මනාලයා ප්‍රධාන පෙළේ රජයේ රැකියාවක් කළ අයෙක්.. ඇය හෙදියක්.. දෙදෙනාගේ විවාහය පැවැත්වුනේ නගරයේ ඉහලම, සුවිසල් හෝටලයක.. මංගල උත්සවය ජයටම පැවැත්වීමෙන් අනතුරුව මධු සමය සඳහා නව යුවළ ගියේ සීත කඳුකර ප්‍රදේශයටයි.. මේ එයාලාගේ ජීවිතයේ අතිශ්‍යය සතුටු කාලවකවානුවක් වුණත්, ඒ සතුට මෙම ගමන අතරතුරදී සදහටම නැතිවී යනවා..
ඒ ඇගේ පැරණි පෙම්වතෙකු ඔවුන් දෙදෙනාට මුණ ගැසීමත් එක්කයි.. මනාලිය සමඟ කාලාන්තරයක් ඔහු සිටියේ කෝන්තරයෙන්.. ඒ හිටි හැටියේම ඔවුන් අතර වුණු ආදර සම්බන්ධය බිඳ දැමුවේ ඇය වූ නිසයි..
කොහොම වුණත් ඒ සිදුවීමෙන් පස්සේ මේ තරුණයා ඇගේ අතීතය අවුස්සා තිබුණා.. එවිට ඔහුට දැනගන්න ලැබුණේ ඇයගේ මින් පෙර සමඳතා ගැනයි.. ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් මේ තරුණයා හෝටලය මැද දෙනෝ දාහක් සිටියදීම ඇගේ පැටිකිරිය සැමියාට කියන්නට වුණා.. සැනකින් ඔහුට ඇයව එපා වුණේ මින් පෙර සිදුවූ ඒ කිසිවක් ඇය ඔහුට පවසා නොතිබුණු නිසායි..
"ඇත්තමයි කියන්නේ මට නම් එක සම්බන්ධයක්වත් තිබුණෙම නෑ. කොල්ලොනම් පස්සෙන් ආවා. ඒත් ඒ එකකටවත් මම කැමැති වුණේ නෑ. මගේ ෆස්ට් ලව් එක ඔයා..” ඇයට මේ කතාව අවසානයේ ඔහුට කියාගන්න පුළුවන් වුණේ එපමණයි...
කිසිවක් නොකියූ ඔහු සැනින් ගියේ නවාතැන් ගත් කාමරය වෙතයි.. ඒ මොහොතේදී නම් මින් පෙර කවදාවත් නොදැක්ක තරම් ඔහු සැර පරුෂ වෙලා.. "තමුසෙ නටන්න ඕනෑ හැම නාඩගමක්ම නටලා අන්තිමට මාවත් රැවට්ටුවා, තමුසේ මහ ජරා කෙල්ලෙක්. මීට කලින් කී දෙනෙක් එක්ක ගියාද? තමුසෙ වගේ ගෑනියෙක් මට එපා, දැන්ම අම්මලට කතා කරලා තමුසෙගෙ ගෙදරට යනවා." එසේ කියූ මනාලයා, මනාලියව හෝටල් කාමරය තුළ තනිව දමා නැවතත් කොළඹ බලා එන්නට පිටත් වුණා..
184 Views
Comments